තම බිරිඳට කොරෝනා ආසාදනය වුණ හැටි සජිත් කියයි (VIDEO).

Covid Samagi janabalawegaya Jalani premadasa Sajith premada
By Aruna Jun 11, 2021 08:50 AM GMT
Aruna

Aruna

Report

 තමන්ට සහ තම බිරිඳට කොවිඩ් ආසාදනය වීමට ප්‍රධාන හේතුව කොවිඩ් මර්ධන එන්නත ලබා නොගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අපි එන්නත ප්‍රතික්ෂේප කරේ එක දෙයක් නිසයි.

ඒ අපි එන්නත ලබා ගන්නට පෙර රටේ ජනතාවට කොවිඩ් එන්නත ලබාදිය යුතුයි කියන පැහැදිලි ප්‍රතිපත්තියේ ඉදලයි.

මම නැවතත් කියන්න කැමති මේ රටේ සියලු ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව එන්නත්කරණය සිදුකරන තෙක් මම එන්නත ලබා ගන්නේ නැහැ.

රටේ ජනතාව ගේ සෞඛ්‍ය වැදගත් වෙනවා අපගේ පුද්ගලික සුඛවිවරණය බලා ගන්න එක නෙමෙයි.

මම මේ කතා කරන මොහොතේත් රටේ ගර්භණී කාන්තාවන් ඇතුළු බොහෝ පාර්ශ්ව සිටිනවා කොවිඩ් එන්නත මෙතෙක් නොලැබුණු.

අපි හැකි තරම් කොවිඩ් එන්නත් මෙරටට ගෙන්වා ගන්න අවශ්‍යයි, විපක්ෂ නායකවරයා කියා සිටියා.

කොවිඩ් වෛරසයෙන් සුවය ලබා රෝහලෙන් පිටවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කර සිටියේ ගංගාරාම විහාරස්ථානයේ අද උදෑසන ආගමික වතාවත් වල යෙදීමෙන් අනතුරුවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා, ” මමත් බිරිඳත් සති කිහිපයක් කොරෝනා වෛරසය ආසාදනය වෙලා ඉදලා සුවය ලබා පොදු ජනතාවගේ සේවය වෙනුවෙන් යලි කැපවෙන්න අවස්ථාව හිමිවෙලා තියෙනවා.

මමත් බිරිඳත් රෝගාතුර වීමෙන් පසු අපගේ සුවය වෙනුවෙන් ආගමික වතාවත් වල යෙදුනු සියලු ආගමික නායකයින් සහ ජනතාවට අප බොහෝ සේ ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේමයි මා සහ මගේ බිරිඳ කොවිඩ් ආසාදිතයෙන් බවට හඳුනා ගැනීමෙන් පසුව අපගේ සුවය උදෙසා කැපවී කටයුතු කළ වෛද්‍ය කණ්ඩායම් රාශියක් සිටිනවා.

ඒ අයට අපගේ ස්තුතිය සහ ප්‍රණාමය පුදකර සිටිනවා.

අද අපේ රට අසරණ වෙලා සිටින්නේ. අපේ රටේ ජනතාව පීඩන රාශියක් මැද සිටින්නේ. ආහාර පාන ප්‍රශ්නයේ සිට, පොහොර ප්‍රශ්නයේ සිට බොහෝ සෙයින් පිඩා විදිනවා.

අපිට මේ සියල්ලෙන් ජයගන්න පුළුවන්.

ඒ රටක් විදිහට එකට වැඩ කිරීමෙන්.” විපක්ෂ නායකවරයා  කියා සිටියා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now