සජිත්ගෙන් මෝදිට විශේෂ ඡායාරූපයක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා අතර විශේෂ හමුවක් ඊයේ සිදු වුණා.
එහිදී අගමැති මෝදී වෙත සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ඡායාරූපයක් පිළිගන්වනු ලැබුවා.
විපක්ෂ නායකවරයා එම ඡායාරූපයේ සැඟවුණු කතාව සම්බන්ධයෙන් සටහනක් ද එක් කර තිබෙනවා.
එම සටහන පහතින්
''විල්පත්තු ජාතික උද්‍යානයේ එක් ඇසක පෙනීම නැති අයි - වන් (eye - one ) වශයෙන් හඳුන්වන ගැහැණු දිවියෙකුගේ (female Sri Lankan Leoperd : Panthera pardus kotiya ) මෙම විශේෂ ඡායාරූපය,2025 අප්‍රේල් 05 වන දින ඉන්දියානු අග්‍රාමාත්‍ය අතිගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතාට කොළඹදී පිළිගැන්වීමට ලැබීම ඉමහත් ගෞරවයකි.
එක් ඇසක පෙනීම අහිමි වුවද වනාන්තරයේ අභියෝග ජයගනිමින් ජිවත් වන මෙම සුවිශේෂී සත්ත්වයා - ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමයේ සහ සෞන්දර්යයේ සැබෑ සංකේතයකි.
ඇගේ ආකර්ෂණිය නිල් ඇස අභියෝගවලට මුහුණ දෙමින් ඇයගේ පැවැත්ම පිළිබඳව දීර්ඝ කතාවක් පවසයි. - සමහරවිට ග්ලුකෝමා කැටරැක්ට් , හෝ යම් අනතුරකට භාජනය වීම නිසා ඇතිවුන තත්ත්වයකි - එහෙත් ඇය වනාන්තරයේ ආරක්ෂාකාරීව නොසැලී සිටීම වනසත්ව ලෝකයේ අභියෝග ජය ගැනීමේ සංකේතයකි.
කෙසේවුවද අවාසනාවන්ත ලෙස මෙම සුවිශේෂී සත්ත්වයා පසුගිය වසර කිහිපයක සිටම දක්නට නොලැබුණු අතර ජීවත්ව සිටිනවාද යන්න සනාථ කර ගැනීමට නොහැකිව ඇත.''
