ටික ටික තනිවෙන පුතානෝ...ඉමිතියාස්ටත් බැයිලූ
SJB
Sajith Premadasa
Sri Lanka Politician
Sri Lanka
Sinhala news
By Kaushi
සමගි ජන බලවේගයේ සභාපති ධුරය නැවත භාරගන්නයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතාගෙන් කරන ලද ඉල්ලීමක් ද ප්‍රතික්ෂේප කර ඇති බවක් වාර්තා වේ.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා විසින් පසුගිය මහ මැතිවරණයෙන් පසුව එම ධුරයෙන් ඉල්ලා අස් වීමට කටයුතු කර තිබෙනවා.
එසේ වුවත් ඉන්පසුව ද එම ධුරය සඳහා ඔහුව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නැවත පත්කරනු ලැබූ බව සඳහන්.
තත්ත්වය එසේ වුවත් ඉමිතියාස් මහතා විසින් එකී ධූරය භාර ගැනීම මේ වන තුරු කර නැති බව වාර්තා වේ.
එසේම පක්ෂය ආරංචි මාර්ග පවසන්නේ ඔහු එය බාර නොගනු ඇති බවයි.
එසේම මේ වන විටත් සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ.
