හෙට නීතීඥ සංගමේ පාර්ලිම්න්තුවට කැඳවීම ගැන පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - එහෙම කරන්න බලයක් නෑ.. බිමල් යකා නටයි

Report

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන පනත් සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් පැමිණීමට නියමිතව ඇති හමුවක් මුල්කරගනිමින් පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් හටගෙන ඇත.

ඒ අනුව අගෝස්තු 20 වන දින පස්වරු 12.00 සිට 1.30 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 225 දෙනාටම සහභාගී වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආරාධනා කළා.

එසේම එකී දැනුවත් කිරීම සිදුකෙරෙන්නේ තමන් කළ ඉල්ලීමකට අනුව බව අද(19) දින ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

22 වැනි සංශෝධනය ගැන තීරණාත්මක දැනුවත් කිරීමකට නීතිඥ සංගමය හෙට පාර්ලිමේන්තුවට

22 වැනි සංශෝධනය ගැන තීරණාත්මක දැනුවත් කිරීමකට නීතිඥ සංගමය හෙට පාර්ලිමේන්තුවට

එසේ වුවද සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ අදාළ හමුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් පටිපාටිගත දෝෂයක් පවතින බවයි.

ඒ අනුව ඔහු පැවසුවේ මෙවැනි හමුවක් කැඳවීමට විපක්ෂ නායකවරයාට කිසිදු බලයක් නොමැති බවත්, ඒ පිළිබඳ තීරණය ගත යුත්තේ පක්ෂ නායකයින් විසින් බවත් ය.

එමෙන්ම මෙම හමුව වාර්තා කිරීම සම්බන්ධයෙන් සභානායකවරයා, ජනමාධ්‍ය වෙත ද සිය දෝෂාරෝපණය එල්ල කර ඇත.

ගැසට් පත්‍රයකින් මෙම රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේ කාලය දීර්ඝ කරන බවට විශේෂ දැනුම්දීමක් - තනතුරු රැසකට අයදුම්පත්

ගැසට් පත්‍රයකින් මෙම රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේ කාලය දීර්ඝ කරන බවට විශේෂ දැනුම්දීමක් - තනතුරු රැසකට අයදුම්පත්

අඳාළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ පැවැත්වෙන මෙම සාකච්ඡාව පිළිබඳව තමන් ඉකුත් ජූලි 31 වන දිනම කථානායක ජගත් වික්‍රමරත්න මහතා දැනුවත් කළ බවයි.

එමෙන්ම එම හමුව සඳහා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ද තමන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

තව යුද්ධයක් එනවා.. මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසානයි - ලංකාවම තැති ගන්වමින් රටේ ආර්ථිකය ගැන රනිල් ගෙනාව අසුබ ආරංචිය

තව යුද්ධයක් එනවා.. මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසානයි - ලංකාවම තැති ගන්වමින් රටේ ආර්ථිකය ගැන රනිල් ගෙනාව අසුබ ආරංචිය

මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - මේ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට එයි.. සූදානම් වන්නැයි දන්වයි

මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - මේ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට එයි.. සූදානම් වන්නැයි දන්වයි