තුන්වන වරටත් සයින්දමරුදු මළ මිනී ගොඩ ගැනේ..! නවතම අධිකරණ නියෝගය මෙන්න.

Easter Attack Sri Lanka
By Wayomi Apr 26, 2022 11:00 AM GMT
Wayomi

Wayomi

Report

පාස්කු ප්‍රහාරයෙන් පසු සිදු වූ සයින්දමරුදුර් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු යළි ගොඩගැනීමට අධිකරණය නියෝගයක් ලැබී තිබෙනවා.

ඒ, මෘත ශරීර කොටස් නැවත DNA පරීක්ෂණය සඳහා යොමු කිරීමටයි.

මේ අනුව හෙට (අප්‍රේල් 27) උදෑසන අම්පාර පොදු සුසාන භූමියේදී, අම්පාර මහේස්ත්‍රාත්වරියගේ සහභාගිත්වයෙන් එම මෘත ශරීර ගොඩ ගැනෙනවා.

ඊට, විමර්ශන සඳහා මුල් අවස්ථාවලදී සම්බන්ධ වූ අධිකරණ වෛද්‍ය නිලධාරියා සහ සියලුම පෙර සිටි පොලිස් විමර්ශන නිලධාරීන් සමඟ රජයේ රස පරීක්ෂක නිලධාරින් සහභාගි වන වීමට නියමිතයි.

මෙම සයින්දමරුදුර් ප්‍රහාරයෙන් සහරාන් හෂීම්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් රිල්වාන් විසින් එලෙස බෝම්බයක් පුපුරුවා මියගොස් තිබුණා.

එම පිපුරුමෙන් වැඩිහිටියන් හා ළමයින් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙක් මියගියා.

එම මියගිය අය අතර කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද මොහොමදු හස්තුන් යන පුද්ගලයාගේ බිරිඳ වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මෘත ශරීරයේ කොටස් නොතිබුණු බවයි DNA පරීක්ෂණයේදී අනාවරණය වුණේ.

ඒ අනුව, අවස්ථා දෙකකදී සිදු කරන ලද පරීක්ෂණවලදී එය අනාවරණය නොවූ බැවින් නැවත වරක් මෘත ශරීර කොටස් ගොඩ ගෙන පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් විසින් තීරණය කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.
Join Now