අමෙරිකාව ලොව බිහිසුණුම තීරණයක් ගන්න යයි..රුසියාවට භයානක ඉරණමක්.

Russo-Ukrainian War United States of America Ukraine World
By Aruna Jul 07, 2023 04:47 AM GMT
Aruna

Aruna

Report

රුසියාවට එරෙහිව සටන් කිරීම සඳහා අමෙරිකාව විසින් යුක්‍රේනයට පොකුරු බෝම්බ යැවීමට ක්‍රියාකාරීව සැළසුම් කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

පොකුරු බෝම්බ වලට මානව හිමිකම් කණ්ඩායම් විසින් දැඩි විරුද්ධත්වය පළ කරන නමුත් අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කළේ, මෙම බෝම්බ යුක්රේනයේ ජයග්‍රහණයට බොහෝ සෙයින් ඉවහල්වනු ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බොහෝවිට අද (07) දිනයේ ඇමරිකාව මෙම යුද ආධාර පැකේජය ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

කුඩා බෝම්බ රාශියක් ඇතුළත් කර තැනූ විශාල බෝම්බයක් වන මෙය ගුවනින් හෝ ගොඩබිම සිට පුපුරුවා හැරිය හැකියි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙවන ලෝක යුද්ධයේ දී ජර්මන් හමුදාව පොකුරු බෝම්බ භාවිත කළ අතර එහිදී විශාල ලෙස මිනිස් මෙන්ම සත්වයින්ගේ ජීවිත හානියක් සිදු වුණා.

පුළුල් ප්‍රදේශයක දැඩි විනාශයක් සිදුවීම සහ සිවිල් වැසියන්ට තර්ජනයක් වීම හේතුවෙන් ලොව පුරා රටවල් 120කට වැඩි සංඛ්‍යාවක් මෙම පොකුරු බෝම්බ මේ වනවිට තහනම් කර ඇත.