චීන ජනපති රුසියාවේ සිටින අතරේ ඇමරිකානු ප්‍රහාරක යානා රුසියාව දෙසට එයි..මුළු කළාපයම උණුසුම් වෙයි..

Russo-Ukrainian War United States of America Japan China
By Aruna Mar 22, 2023 12:56 AM GMT
Aruna

Aruna

Report

ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළා දින කිහිපයකට පසු අමෙරිකාව විසින් රුසියානු දේශසීමාවට ආසන්නයේ පිහිටි බෝල්ටික් මුහුදට ඉහළ අහසේ සිය B-52 වර්ගයේ න්‍යෂ්ටික බෝම්බ හෙලීමේ ගුවන් යානා දෙකක් පියාසර කරවනු ලැබූ බව රුසියාව සඳහන් කර සිටිනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ පසුගිය සඳුදා සිය දේශසීමා දෙසට පියාසර කරමින් සිටි B-52 උපායමාර්ගික න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා දෙකක් පිලිබඳ තොරතුරු වාර්තා වීමත් සමග සිය Su-35 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානාවක් ඒ දෙසට යොමු කරනු ලැබූ බවයි.

අමෙරිකාව විසින් මෙම න්‍යෂ්ටික බෝම්බ හෙලීමේ යානා දෙක රුසියානු දේශසීමාවන් දෙසට යොමු කරනු ලැබුවේ රුසියාව විසින් ජපාන මුහුදට ඉහලින් සිය න්‍යෂ්ටික බෝම්බ හෙලීමේ යානා දෙකක් පියාසර කළ බවට නිවේදනය කොට පැය 07 කට පසුව වීම විශේෂත්වයක්.

ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් එක්වරම යුක්රේනයේ සංචාරයකට පැමිණීමෙන් පසු රුසියාව විසින් මෙලෙස ජපාන මුහුදට ඉහලින් සිය න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා ගුවන් ගත කර තිබු බවයි සඳහන් වුයේ.

ඒ වුවද චීන ජනාධිපති ෂී ජින්පින්ග් සිය රුසියානු සංචාරය සඳහා පැමිණීම සමග අමෙරිකාව විසින් සිය යුද ශක්තිය පෙන්විම සඳහා න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරක යානා දෙකක් රුසියානු දේශසීමාවන් ආසන්නයේ පියාසර කරවීම නිසා මේ වන විට දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාව සහ අමෙරිකාව අතර සිදු වූ ප්‍රථම සෘජු යුදමය ගැටුම වුයේ රුසියානු ජෙට් යානාවක් විසින් සිදුකළ බාධා කිරීමෙන් අමෙරිකානු ඩ්‍රෝන යානයක් කළු මුහුදට කඩා වැටීමට ලක්වුවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.