අලෙවිය පහත වැටීම නිසා දහස් ගණන් සේවකයන්ට රස්සා අහිමි වෙයි

Report

තම මෝටර් රථවල අලෙවිය පහත වැටීම නිසා ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන නිසාන් සමාගම රැකියා කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර ඇත.

එසේම ඔවුන් විසින් කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව වසා දැමීමට නියමිත කර්මාන්ත ශාලා සංඛ්‍යාව 07ක්.

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

එසේම ගෝලීය වශයෙන් තවත් රැකියා 11,000කට ආසන්න ප්‍රමාණයක් කපා හැරීමට ද අඳාළ සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.

ඉකුත් නොවැම්බර් මාසයේදී ද නිසාන් සමාගම මඟින් ගෝලීය වශයෙන් රැකියා කප්පාදු කිරීම් 9,000ක් සිදු කර ඇත.

ඒ අනුව මෙම නවතම කප්පාදු කිරීමත් ගත් විට එම සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද මුළු සේවක ඉවත් කිරීම 20,000කට ආසන්න අගයක් ගනී.

එය සමාගමේ ශ්‍රම බලකායෙන් 15%ක අගයක් බව සඳහන්. ගෝලිය ලෙස බැලූ විට මෙම සමාගමේ 133,500 ක් වැනි පිරිසක් සේවය කර‍යි.

මින් පෙර නිසාන් සමාගම, ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ හොන්ඩා සමාගම සමඟ එක් වී ඔවුන්ගේ ව්‍යාපාර ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇත.

ඒ චීනයේ ප්‍රතිවාදි සමාගම්වල තරගකාරීත්වයට එරෙහිව සටන් කිරීමේ අරමුණෙන්.

තවත් දැරියකට ගුරුවරයෙක්ගෙන් ලිංගික අතවර

තවත් දැරියකට ගුරුවරයෙක්ගෙන් ලිංගික අතවර

නමුත් සමාගම් දෙක බිලියන ගණනක ගිවිසුමකට එකඟ නොවීම නිසා එම සාකච්ඡා බිඳ වැටී ඇත.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම සාකච්ඡා සාර්ථක වී සමාගම් දෙක ඒකාබද්ධ වූයේ නම් ඩොලර් බිලියන 60ක මෝටර් රථ කර්මාන්ත දැවැන්තයෙකු නිර්මාණය වීමට ඉඩ තිබූ බවයි.

එසේම ටොයොටා, වොක්ස්වැගන් සහ හුන්ඩායිවලට පසු වාහන අලෙවියෙන් ලොව සිව්වන විශාලතම සමාගම බවට එය පත් වීමට ඉඩ තිබූ බවයි.

තවද අඳාළ සාකච්ඡා අසාර්ථක වූ පසු ඒ වන විට නිසාන් සමාගමේ සිටි ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ මකෝටෝ උචිඩා වෙනුවට එම සමාගමේම සිටි ප්‍රධාන සැලසුම් නිලධාරියා සහ මෝටර් රථ ක්‍රීඩා අංශයේ ප්‍රධානියා වූ අයිවන් එස්පිනෝසා පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පිටියේදී කෝපවී සන්ග්ලාස් ‍කුඩු කළාට චමරිට දඩයක්

පිටියේදී කෝපවී සන්ග්ලාස් ‍කුඩු කළාට චමරිට දඩයක්

කුමක් වුවත් නිසාන් සමාගම වාර්ෂිකව ඩොලර් බිලියන 4.5ක පාඩුවක් වාර්තා කර ඇති බව සඳහන්.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු හේතුවෙන් සමාගමට තවදුරටත් පීඩනයක් එල්ල වීමත් සමඟ මෙම පාඩුව වාර්තා වූ බව වාර්තා වේ.