ගැරඬිඇල්ල බස් රථයේ සිටි මගීන්ගේ භාණ්ඩ පොලිසියේ
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත් වූ බස් රථය තුළ සිටි මගීන්ගේ ගමන්මලු, ජංගම දුරකථන සහ අනෙකුත් දෑ කොත්මලේ පොලීසිය තුළ සුරක්ෂිතව ඇති බවට පොලීසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක් වූ කොත්මලේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර රත්නායක මහතා කියා සිටියේ තම අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසුව අඳාළ භාණ්ඩ හිමිකරුවන්ට ලබාගත හැකි බවයි.
තවද පොලිස් ස්ථානාධිපතිවරයා පවසා සිටියේ අදාළ අනතුර සිදුවූ ස්ථානයේ ප්‍රදේශවාසීන්ගේ ද සහයෙන් තමා වෙත මෙම භාණ්ඩ ලැබුණු බවයි.
එසේ ලද ජංගම දුරකථන 35ක්, ගමන්මලු හා අනෙකුත් දෑ මෙසේ පොලීසිය තුළ පවතින බව සඳහන්.
එසේම ඔහු ප්‍රකාශ කළේ අනතුරට පත් බස් රථයේ කොන්දොස්තරවරයාගේ ටිකට් පොතත්, එකතුව තිබූ මුදලුත් සොයා ගැනීමට නොහැකි වූ බවයි.
තවද අනතුරෙන් බස් රථයේ රියදුරු මියයෑම නිසාත්, කොන්දොස්තරවරයා රෝහලේ ප්‍රතිකාර ලැබීම නිසාත් අනතුර සිදුවන විට බස් රථය තුළ ගමන් කළ නිශ්චිත මගීන් සංඛ්‍යාව අනාවරණය කරගැනීමට නොහැකි වී ඇත.
ඒ අනුව පොලීසිය, යුද හමුදාව හා ගම්වාසින් විසින් අඳාළ ටිකට් පොත සොයා බොහෝ ස්ථාන පරික්ෂා කර ඇතත් එය මේ වන තෙක් හමුවී නැත.
ඉකුත් (11) දා බස් රථයක් ප්‍රපාතයකට පෙරළිමෙන් කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ මෙම බිහිසුණු අනතුරෙන් පුද්ගලයින් 22කට ජීවිත අහිමි වී ඇත.
