ඉවසන්න බැරුව පකිස්ථානය අපෙන් ආයාචනා කළා-මෝදි

By Mithu May 13, 2025 10:48 AM GMT
Report

අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ පාකිස්තානය එළැඹි සටන් විරාමය මෙතෙක් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙවන් පසුබිමක අනාගතයේදී ඉන්දියාවට එරෙහිව දියත් වන ඕනෑම ත්‍රස්ත ක්‍රියාවකට දැඩි ප්‍රතිචාර දක්වන බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කර ඇත. අගමැතිවරයා මේ බව පවසා සිටියේ දෙරට අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පළමු වරට ජාතිය අමතා ප්‍රකාශයක් නිකුත් කරමිනි.

කොටහේන සිසුවිය ගුරුවරයාගෙන් ලිංගික අතවරයට.... පොලිසිය සනාථ කරයි

කොටහේන සිසුවිය ගුරුවරයාගෙන් ලිංගික අතවරයට.... පොලිසිය සනාථ කරයි

එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වැඩි දුරටත් පවසා සිටියේ, "පාකිස්තානයට ආරක්ෂාවී සිටීමට අවශ්‍ය නම් ඔවුන් ත්‍රස්තවාදය මර්දනය කළ යුතුයි. සාමය ළඟාකර ගත හැකි වෙනත් ක්‍රමයක් නැහැ.

ජලය සහ රුධිරය එකවර ගලායාමට නොහැකියි. ඉන්දියාවට යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට දැඩි ප්‍රතිචාර හිමි වේවි." මෙහිදී අගමැති මෝදි වැඩිදුරටත් පවසා තිබුණේ ඉන්දීය ප්‍රහාර හමුවේ පාකිස්තානය, ප්‍රහාර නවත්වන ලෙසට ආයාචනා කළ බවටය

රම්බොඩ බස් අනතුරට හේතුව මෙන්න

රම්බොඩ බස් අනතුරට හේතුව මෙන්න