සිහිමුර්ජා කොට විදෙස් කාන්තාවට කළ අපරාධය

By Ashfa May 13, 2025 11:25 AM GMT
Ashfa

Ashfa

Report

මෙරට සංචාරයක් සඳහා පැමිණි විදෙස් ජාතික කාන්තාවකගේ මුදල් හා භාණ්ඩ කොල්ල කෑ කුලී රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ විදෙස් ජාතික කාන්තාව කුලී වෑන් රථයකින් ඇල්ල ප්‍රදේශයේ සංචාරයක් සඳහා යමින් සිටිය දී වෑන් රථ රියදුරා ඇයට පළතුරු පාන වර්ගයක් බීමට ලබා දී ඇයව සිහිමුර්ජා කර ඇති බව වාර්තා වෙයි.

අනතුරුව විදෙස් ජාතික කාන්තාව සන්තකයේ තිබූ ජංගම දුරකථන දෙකක්, මුදල් ඇතුළු දේපළ කොල්ල කා ඇත.

AI පාවිච්චි කළොත් වැඩ වරදී - කෘත්‍රිම බුද්ධියට (AI) එරෙහි පනතක්

AI පාවිච්චි කළොත් වැඩ වරදී - කෘත්‍රිම බුද්ධියට (AI) එරෙහි පනතක්

පසුව සිහිමුර්ජා වී සිටි විදෙස් ජාතික කාන්තාව ප්‍රපාතයකට තල්ලු කර පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ජාතික කාන්තාව සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර කුලී රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

ඇල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් රක්ෂිත බන්ධනගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 

ෂෙයික් හසීනාට මොකක්ද මේ වුණේ.....

ෂෙයික් හසීනාට මොකක්ද මේ වුණේ.....

ReeCha