අනුර - නලින්ද අධ්‍යාපනය, සෞඛ්‍ය මුදලට වික්කා - මහා ශිෂ්‍ය සංගමය

Anura Kumara Dissanayaka Sri Lanka Politician Graduates Nalinda Jayatissa Sinhala news
By Mithu May 13, 2025 11:12 AM GMT
Mithu

Mithu

Report

ආණ්ඩුව පිළිබඳ විවේචනාත්මක ස්වරූපයෙන් කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ පහත කරුණුයි.

සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගැනීම සඳහා නිසි පටිපාටියක් සකසන ලෙසට ආණ්ඩුවට බලකරමින් දිගු කලක් පුරා අරගලයක් දියත් වෙමින් පවතී. මේ වන විටත් සමසෞඛ්‍ය වෘත්තිකයන්, සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්, විශ්වවිද්‍යාල ආචාර්‍යවරු සහ රටේ වෘත්තීය සමිති මෙම අරගලයට සහයෝගය පළ කරන අතර සියලු පාර්ශ්වයන් විසින් ආණ්ඩුවට ඉදිරිපත් කරන ඉල්ලීම වනුයේ දැනටම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති “කුසලතා පදනම මත වූ ලැයිස්තුව” (Merit list) ඒ සඳහා අනුගමනය කරන ලෙසයි.

කොටහේන සිසුවිය ගුරුවරයාගෙන් ලිංගික අතවරයට.... පොලිසිය සනාථ කරයි

කොටහේන සිසුවිය ගුරුවරයාගෙන් ලිංගික අතවරයට.... පොලිසිය සනාථ කරයි

එසේම තිබෙන පුරප්පාඩු ප්‍රමාණයට ගැළපෙන උපාධිධාරීන් ප්‍රමාණයක් කුසලතා ලේඛනයට අනුව බඳවාගන්නා ලෙසයි. නමුත් එයට ඇහුම්කන් නොදෙන අනුර – නලින්ද ආණ්ඩුව ඒ සඳහා වූ දැනුම මිනුම විභාගයක් යෝජනා කරන ලදී. අරුමය නම් මෙම විභාගයම මීට පෙර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 2021 වසරේදී සහ රනිල් – රාජපක්ෂ ආණ්ඩුව 2024 දී පවත්වන්නට උත්සාහ කිරීමයි.

එම අවස්ථා දෙකේදීම රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලු උපාධිධාරීන් විරුද්ධ වීම හේතුවෙන් එම විභාගයන් අවලංගු කර දැමූ අතර ඉන් අනතුරුව උපාධිධාරීන් විසින් දිගින් දිගටම යෝජනා කරන ලද කුසලතා අනුපිළිවෙල 2024 වසරේ දී සකස් කරන ලදී. නමුත් වත්මන් අනුර – නලින්ද ආණ්ඩුව එම කුසලතා අනුපිළිවෙල කුණු කූඩයට විසිකර නැවත දැනුම මිනුම විභාගය පැවැත්වීය.

රැකියා පිළිබඳව බරපතල අවශ්‍යතාවයක් තිබියදී පවා පිරිස 473 වූ රාජ්‍ය විශ්වවිද්‍යාලයවල සියලුම උපාධිධාරීන් මෙවර ද විභාගය වර්ජනය කර අතර කොතලාවල ප්‍රමුඛ පෞද්ගලික උපාධිකඩවලින් උපාධිය ලබා ගත් 105 පමණක් ඒ සඳහා ඉදිරිපත් විය. නිදහස් අධ්‍යාපනයට අත්තටු දෙන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව අධ්‍යාපනය මුදලට විකිණීම ප්‍රවර්ධනය කිරීමට මෙම විභාගයට පෙනී සිටි කොතලාවල ප්‍රමුඛ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගත් පිරිස රජයේ සේවයට බඳවාගැනීමට එලඹෙන 17 වැනිදා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ.

රංවල ඉල්ලා අස්වෙලා අදට මාස පහයි...ගේනවා කියපු උපාධියත් තාම පේන්න නෑ...(PHOTO)

රංවල ඉල්ලා අස්වෙලා අදට මාස පහයි...ගේනවා කියපු උපාධියත් තාම පේන්න නෑ...(PHOTO)

උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ සංවිධාන සැමරුම් 07ක්

උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ සංවිධාන සැමරුම් 07ක්

ReeCha