විමර්ශන කමිටුව බස් අනතුර ගැන සෙවීම අරඹයි

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Law and Order Sinhala news
By Kaushi May 13, 2025 12:41 PM GMT
Kaushi

Kaushi

Report

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බිහිසුණු බස් රථ අනතුර පිළිබඳ පරීක්ෂණ කිරීමට පොලීසිය විසින් පත් කළ කමිටුව අද (13) දින අනතුර සිදු වූ ස්ථානය වෙත ගොස් ඇත.

ඒ අනුව අඳාළ අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට පොලීසිය විසින් මෙම කමිටුව පත් කර තිබෙනවා.

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර ඇතුලු කණ්ඩායමක් මඟින් මෙම අනතුර සිදුවූ ස්ථානය මෙසේ පරීක්ෂාවට ලක් කර ඇත.

ඉන්පසුව එම පිරිස කොත්මලේ පොලිස් ස්ථානය වෙත ගොස් අනතුරට පත් බස් රථය ද පරීක්ෂා කළ බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේදී මීට අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සහ අනෙකුත් විද්‍යාත්මක සාක්ෂි අධ්‍යයනය කිරීමට නියමිතයි.

තවත් දැරියකට ගුරුවරයෙක්ගෙන් ලිංගික අතවර

තවත් දැරියකට ගුරුවරයෙක්ගෙන් ලිංගික අතවර

එමෙන්ම මෝටර් රථ පරීක්ෂක ඇතුළු විශේෂඥ මත සියල්ල ද අධ්‍යයනය කළ පසු මීට අඳාළ අවසන් වාර්තාව නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ReeCha