උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ සංවිධාන සැමරුම් 07ක්

Jaffna Eelam People's Democratic Party LTTE Leader Dayasiri Jayasekara Sinhala news
By Ashfa May 13, 2025 11:54 AM GMT
Ashfa

Ashfa

Report

2024දී උතුරු පළාත තුළ යුද්ධයේදී මියගිය ඥාතීන් සිහි කිරීමේ සැමරුම් උත්සව 22ක් සහ නැගෙනහිර පළාත තුළ එවැනි සැමරුමි 07ක් පවත්වා ඇති බවත්, ඒ කිසිදු සැමරුමකට රාජ්‍ය අනුග්‍රහය ලබා දී නොමැති බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය වී ඇත.

2024 නොවැම්බර් මාසයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය, වෙනත් සංවිධානයක්, පුද්ගලයෙක් හෝ පුද්ගලයන් විසින් උතුරු -නැගෙනහිර යුද්ධයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන් සිහි කරමින් මහවිරු සැමරුම් පවත්වා ඇත්ද යන්න පිළිබඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට මහජන ආරක්ෂක ඇමතිවරයා සභාගත කළ පිළිතුරේ මේ බව සඳහන් කර ඇත.

පියතුමා සංවිධානය කල සර්වාගමික වැඩසටහන මල්වතු මහානායක හිමි අවලංගු කරයි (PHOTO)

පියතුමා සංවිධානය කල සර්වාගමික වැඩසටහන මල්වතු මහානායක හිමි අවලංගු කරයි (PHOTO)

අදාළ සැමරුම් පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් බුද්ධි වාර්තා මගින් පොලිස් ස්ථාන දැනුවත් වී ඇති බවද අදාළ පිළිතුරේ සඳහන් කර තිබේ. මේ අතර 2011.08.29 දිනැති අංක 17/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ 2 වැනි වගන්තිය මඟින් ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය තහනම් සංවිධානයක් බවට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව කිසිම තැනැත්තෙකු විසින් එල්.ටී.ටී.ඊ සංවිධානයේ හෝ එම සංවිධානය නියෝජනය කරන හෝ එම සංවිධානය වෙනුවෙන් ක්‍රියා කරනු ලබන වෙනත් යම් සංවිධානයක් හෝ එවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධිත හෝ සලකනු ලබන හෝ සමිබන්ධිත බවට සාධාරණ ලෙස සැක කරනු ලබන යම් සංවිධානයක එම ගැසට් පත්‍රයේ 3 (ආ) සිට () දක්වා සඳහන් දෙයක් සිදු කරන්නේ නම් එය වරදක් වන නමුත් එසේ නොවන මියගිය පුද්ගලයන් සිහි කිරීමේ සැමරුම් උත්සව පැවැත්වීමට බාධාවක් නොමැති බවත් අදාළ පිළිතුරේ සඳහන් කර ඇත.

උතුරු පළාත තුළ 2024 වර්ෂයේ මිය ගිය තම ඥාතීන් සිහිකිරීම සඳහා 22ක් සිදු කර ඇති අතර එයින් සැමරුම් 07ක් පමණක් එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය විය හැකි ආකාරයේ යම් යම් කටයුතු සිදු කර ඇති බවට නිරීක්ෂනය වී ඇති බවත්, එම සැමරුම් උත්සව පිළිබඳ කිලිනොච්චිය, පේදුරුතුඩුව සහ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇති බවත් එහි සඳහන් වේ.

සිහිමුර්ජා කොට විදෙස් කාන්තාවට කළ අපරාධය

සිහිමුර්ජා කොට විදෙස් කාන්තාවට කළ අපරාධය

එමෙන්ම එම සිද්ධීන් 07 සමිබන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර, මෙ වන විට ගොනු 03ක් නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති අතර, අනෙක් සිද්ධීන් 04 සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරමින් පවතින බවද සඳහන් වේ. නැගෙනහිර පළාතේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් හා ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන් විසින් 2024 නොවැමිබර් මාසයේ යුද සමයේ මියගිය පුද්ගලයන් සිහි කිරීමට කටයුතු කරන බවට බුද්ධි තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙම උත්සවය සංවිධානය කරනු ලබන පුද්ගලයන් විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය පිළිබඳ බෙදුම්වාදී අදහස් සමාජගත කර එම සංවිධාන නැවතත් ප්‍රවර්ධනය කිරීමට උත්සහ කරන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ පුද්ගලයන්ට විරුද්ධව 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 27 වැනි වගන්තියට අනුව හා 2011.08.29 දිනැති අංක 1721/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ 03(ඇ) සහ 03 (ඈ) යටතේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නැගෙනහිර පළාතේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බව මෙහි සඳහන් කර ඇත.

ඥාතී නිවසට ගිය දැරියන් මිය යයි...

ඥාතී නිවසට ගිය දැරියන් මිය යයි...

අමතරව තහනම් සංවිධානයක නීතිවිරෝධි සැමරුම් උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විමර්ශනය සිදු කරනු ලබන අතර, එහිදී අනාවරණය වන කරුණ මත නෛතික ක්‍රියාමාර්ග ගැනීම සිදු කරනු ලබන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ පිළිතුරේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ReeCha