හිට්ලර් ගෙන් පසු පුටින් ගෙන් දරුණු මිලේච්ජ ප්‍රහාරයක්...(PHOTOS / VIDEO)

Attack Ukraine Russian Russian Ukraine war
By Aruna Mar 01, 2022 11:49 PM GMT
Aruna

Aruna

Report

යුක්රේනයේ අගනුවර පිහිටි රූපවාහිනී විකාශන කුළුණ ඉලක්ක කර ගනිමින් රුසියාව විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර දෙකකින් සිවිල් වැසියන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යුක්රේනයේ වැදගත් මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් රුසියාව විසින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

ඒ යුක්රේනයේ වෙසෙන සාමාන්‍ය වැසියන්ගේ ජිවිතයට ද තර්ජනයක් එල්ල කරමින්.

අඩි 1,300ක් පමණ උසකින් යුත් රූපවාහිනි සම්ප්‍රේෂණ කුළුණ ඉදිකර තිබුනේ 1941 වසරේදී ජර්මනිය ඇඩොල්ෆ් හිට්ලර් විසින් යුදෙව් ජාතිකයින් 34,000ක් සමුල ඝාතනය කිරිම නිමිත්තෙන් අනුස්මරණය වෙනුවෙන් ඉදිකර තිබු Babyn Yar ස්මාරකය ආසන්නයේයි.

මෙවැනි වැදගතකමක් ඇති ස්ථාන පවා ඉලක්ක ගත කරමින් රුසියානු හමුදාවන් සිදුකරනු ලබන ප්‍රහාරයන් ඉතා මිලේච්ජ ලෙස විවේචනය කරන බවයි බටහිර රටවල් සඳහන් කර සිටින්නේ.

ප්‍රහාරයෙන් සම්ප්‍රේෂණ කුළුණට හානි සිදුනොවුනද යුක්රේන රජයේ මාධ්‍ය නාලිකා කිහිපයකම විකාෂණ කටයුතු ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ.

" ලෝකය වෙත : වසර 80 කට පසුවත් Babyn Yar වෙත බෝම්බ හෙළන විට ලෝකය නිශ්ශබ්දව සිටි නම් " නැවත කිසිදාක" යැයි පැවසීමේ තේරුම කුමක්ද ?

පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.

ඉතිහාසය නැවත පුනරාවර්තනය වෙමින් ඇත" මෙම ප්‍රහාරය එල්ලවීමෙන් පසු යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery