පුටින් අමෙරිකාවෙන් ප්‍රශ්න කරයි
රුසියාවෙන් තෙල් ගන්නවට ඉන්දියාවට දඬුවම් කිරීම ගැන පුටින් අමෙරිකාවෙන් ප්‍රශ්න කරයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් මෙම රුසියානු ඉන්ධන මිලදී නොගන්නා ලෙසට ඉන්දියාවට එල්ල වන දැඩි අමෙරිකානු පීඩනය පිළිබඳව ප්‍රශ්න කර ඇත.
ඒ ඉන්දියාවේ දෙදින සංචාරයක නිරතවන අතරතුරයි.
ඒ වගේම නවදිල්ලියට ගොඩබැසීමෙන් පසුව පුටින් විසින් ඇමරිකානු ප්‍රතිපත්තියට අභියෝග කර ඇත.
ඔහු අවධාරණය කළේ අමෙරිකාව තමන්ගේම න්‍යෂ්ටික බලාගාර සඳහා රුසියාවෙන් න්‍යෂ්ටික ඉන්ධන තවමත් මිලදී ගන්නා බවයි.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර ඇත්තේ "අමෙරිකාවට අපේ ඉන්ධන මිලදී ගැනීමට අයිතියක් තිබේ නම්, ඉන්දියාවට එම වරප්‍රසාදය නොතිබිය යුත්තේ ඇයි? මෙම ප්‍රශ්නය සවිස්තරාත්මක පරීක්ෂාවකට ලක්විය යුතු අතර, ජනාධිපති ට්‍රම්ප් සමඟ ඇතුළුව සාකච්ඡා කිරීමට අපි සූදානම්," බවයි.
මොස්කව් 2022 පෙබරවාරියේ යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු පැනවූ බටහිර සම්බාධක නොතකා, මුහුදින් ප්‍රවාහනය කරන රුසියානු තෙල් මිලදී ගන්නා ප්‍රධානම රට බවට ඉන්දියාව පත්ව තිබේ .
කෙසේ වෙතත්,රුසියාවට එරෙහි සම්බාධක දැඩි කිරීම නිසා මෙම මාසයේ ඉන්දියාවේ බොරතෙල් ආනයනය වසර තුනක අවම මට්ටමකට ළඟා වීමට නියමිතව තිබේ.
ඉන්දියාව සදහන් කරන්නේ ට්‍රම්ප්ගේ තීරුබදු අසාධාරණ බවයි.
ඒවගේම එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය දියර ස්වභාවික වායු සිට සාරවත් යුරේනියම් දක්වා වූ රුසියානු බලශක්තිය සහ වෙළඳ භාණ්ඩ බිලියන ගණනක් ආනයනය කිරීමේ කටයුතු දිගටම කරගෙන යන බව පෙන්වා දී තිබේ.
තවද බටහිර රටවල පීඩනය යටතේ ඉන්දීය තෙල් මිලදී ගැනීම් පහත වැටී ඇත්ද යනවග විමසන විට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පුටින් සඳහන් කළේ, "මෙම වසරේ මුල් මාස නවය තුළ සමස්ත වෙළඳ පිරිවැටුමේ යම් අඩුවීමක් පවතිනවා " යනුවෙනුයි.
ඒ වගේම ඉන්දියාවත් සහ රුසියාවත් හිටපු සෝවියට් සංගමය හා බොහෝ කාලයක් තිස්සේ ශක්තිමත් සබඳතා පවත්වනු ලබයි.
ඒ වගේම දශක ගණනාවක් තිස්සේ රුසියාව ඉන්දියාවට ආයුධ සපයන ප්‍රධාන මූලාශ්‍රය වී ඇත.