අනිද්දා සිට තෙල් අපනයනය තහනම් - රුසියාවෙන් දැඩි තීරණයක්

Report

අනිද්දා (01) සිට ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය හේතුවෙන් ඇතිව තිබෙන බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා පෙට්‍රල් අපනයන තහනම් කිරීමට රුසියාව තීරණය කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිරිපහදු ඉන්ධනවල ස්ථිර සැපයුමක් සහතික කිරීම සඳහා රුසියාව මෙම තීරණය ගෙන ඇති බවත් බොරතෙල් සැකසුම් පරිමාව පසුගිය වසරේ මට්ටමේ පවතින බවත්ය.

මේ අංශයට ඉන්ධන ලීටර් හාරලක්ෂයක් බෙදා හැරීමක් ගැන ආරංචියක්

මේ අංශයට ඉන්ධන ලීටර් හාරලක්ෂයක් බෙදා හැරීමක් ගැන ආරංචියක්

එමෙන්ම ඉහළ යන ඉන්ධන මිල පාලනය කර ගැනීමට සහ ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීමට රුසියාව නැවත නැවතත් පෙට්‍රල් සහ ඩීසල් අපනයනය සඳහා සීමා පනවා ඇත.

රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් ප්‍රකාශ කර ඇත්තේ ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් වෙළෙඳපොළේ සහ තෙල් නිෂ්පාදන වෙළෙඳපොළේ ඇතිව තිබෙන අර්බුදය හේතුවෙන් බොරතෙල්, පිරිපහදු ඉන්ධනවල මිල නිරන්තරයෙන් ඉහළ, පහළ යාමට ලක්ව ඇති බවයි.

ඉරාන යුද්ධය හේතුවෙන් රුසියානු බලශක්ති නිෂ්පාදන සඳහා ගෝලීයව ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.    

වෙරළට අසළ මුහුදු ප්‍රදේශවල ජීවත්වෙන ජනතාවට අනතුරු ඇගවීමක් - දැනුවත් වෙන්න

වෙරළට අසළ මුහුදු ප්‍රදේශවල ජීවත්වෙන ජනතාවට අනතුරු ඇගවීමක් - දැනුවත් වෙන්න