ඩොලරය හමුවේ අදත් රුපියල ශක්තිමත්ව ඉදිරියට

Report

ශ්‍රී ලංකා රුපියල ඇමරිකා ඩොලරයට සාපේක්ෂව අද (02) ස්පොට් වෙළෙඳපොළේ 335.25/35 මට්ටමේ වාර්තා වූ අතර, එය පෙර දිනයේ පැවති 335.90/336.00 මට්ටමට සාපේක්ෂව සුළු ශක්තිමත් වීමක් ලෙස වාර්තා වේ.

වෙළෙඳපොළ දත්ත අනුව ටෙලිග්‍රැෆික් හුවමාරු අනුපාතය අනුව ඩොලරය 331.50 (මිලදී ගැනීම) සහ 340.50 (විකිණීම) ලෙස දැක්විණි. යුරෝ මුදල 376.7044 (විකිණීම) සහ 390.6214 (මිලදී ගැනීම) ලෙසද, පවුම් ස්ටර්ලින් 441.8540 (මිලදී ගැනීම) සහ 455.8996 (විකිණීම) ලෙසද වාර්තා විය.

මේ අතර රජයේ බැඳුම්කර අස්වැන්න සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි. 2030.08.01 දින මැච්‍යුරි වන බැඳුම්කරය 11.25/11.28% මට්ටමේද, 2030.10.15 බැඳුම්කරය 11.25/11.32% මට්ටමේද වාර්තා විය.

2032.12.15 මැච්‍යුරි වන බැඳුම්කරය 11.55/11.60% මට්ටමේද, 2033.01.15 බැඳුම්කරය 11.57/11.63% මට්ටමේද, 2033.11.01 බැඳුම්කරය 11.60/11.70% මට්ටමේද ස්ථාවරව වාර්තා විය. 2035.03.15 මැච්‍යුරි වන බැඳුම්කරය 11.70/11.75% මට්ටමේ වාර්තා වී ඇත.

ශ්‍රී ලංකාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා – IMF ප්‍රධානි එවන් පැපජෝර්ජියෝ ගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා – IMF ප්‍රධානි එවන් පැපජෝර්ජියෝ ගෙන් හෙළිදරව්වක්

දුමින්ද හුලංගමුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ධූරයට

දුමින්ද හුලංගමුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ධූරයට