ජූලි 05 මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදී නිවේදනයක් - වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව නව බස් ගාස්තු මෙන්න
ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ලබන ජූලි 05 වැනි දින මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවයි.
අඳාළ නිවේදනයේ එදින සිට ක්‍රියාත්මක නව ගාස්තු සම්බන්ධයෙන්ද තොරතුරු ඇතුළත්. ඉකුත් 30 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වාර්ෂික බස් ගාස්තු සංශෝධනයක් සඳහා අනුමැතිය හිමිව තිබුණා.
ඒ අනුව,
01. ගාස්තු සූත්‍රයේ ඇතුළත් පිරිවැය සාධකවල වෙනස්වීම (වැඩි වීම ) පමණක් සලකා, කිලෝමීටර් 100 ට අඩු සාමාන්‍ය බස් සේවාවල බස් ගාස්තුව සියයට දොළහකින් (12%) වැඩි කිරීම,
02. ගාස්තු සූත්‍රයේ ඇතුළත් පිරිවැය සාධකවල වෙනස්වීම (වැඩිවීම) හා ගාස්තු ව්‍යුහයේ විෂමතා ඉවත් කිරීම අනුව, කිලෝමීටර් 100 ක් හා ඊට වැඩි සාමාන්‍ය සේවාවල බස් ගාස්තුව සියයට විස්සකින් (20%) කින් වැඩිකිරීම,
03. ගාස්තු සූත්‍රයේ ඇතුළත් පිරිවැය සාධකවල වෙනස්වීම (වැඩිවීම) පමණක් සලකා, කිලෝමීටර් 100 ට අඩු සියළුම සුඛෝපභෝගී සේවාවල බස් ගාස්තු දැනට පවතින සුඛෝපභෝගී සේවා බස් ගාස්තුව මෙන් සියයට දොළහකින් (12%) කින් වැඩි කිරීම,
04. ගාස්තු සූත්‍රයේ ඇතුළත් පිරිවැය සාධකවල වෙනස්වීම (වැඩිවීම) හා ගාස්තු ව්‍යුහයේ විෂමතා ඉවත් කිරීම අනුව, කිලෝමීටර් 100 ක් හා ඊට වැඩි සියළුම සුඛෝපභෝගී සේවාවල බස් ගාස්තු දැනට පවතින සුඛෝපභෝගී බස් ගාස්තුව මෙන් සියයට පහලොවකින් (15%)කින් වැඩි කිරීම,
05. ගරු අභියාවනා අධිකරණයේ නඩුකරයක් පවතින බැවින් අර්ධ සුඛෝපභෝගී සේවාවල බස් ගාස්තු ඉහත 01 හා 02 හි වැඩිවන සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එකයි දශම පහකින් (1.5) වැඩිකර ක්‍රියාත්මක කිරීම, ඉකුත් දින සිදුවිය.