අද පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයටත් කළින්ම ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අර්බුදයක - ‍රසිකයින් කනස්සල්ලෙන්

Report

අද(03) සිට ආරම්භ වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගයෙන් ක්‍රීඩකයින් සිව්දෙනෙකු ඉවත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක යන සියලු දෙනාම ආබාධ හෝ අසනීප හේතුවෙන් ඇන්ටිගුවා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත් වී සිටියි.

එමෙන්ම පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 217 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව දැනටමත් තරගාවලියේ 0-1 ක් ලෙස පසුපසින් සිටියි.

එසේම පෙර ප්‍රකාශයට පත් කරන ලද 17 දෙනෙකුගෙන් යුත් ආරම්භක කණ්ඩායම වෙනුවට 13 දෙනෙකුගෙන් යුත් සංචිතයකින් ඔවුන්ගේ ක්‍රීඩා කරන XI කණ්ඩායම තෝරා ගැනීමට සිදුව ඇත.

පෘතුගාල‍ය රොනාල්ඩෝ සුරක්ෂිතව අවසන් 16ට රැගෙන යයි

පෘතුගාල‍ය රොනාල්ඩෝ සුරක්ෂිතව අවසන් 16ට රැගෙන යයි

මෙසේ ආබාධවලට ලක්ව ඇති ක්‍රීඩකයින් අතර වේගපන්දු යවන ක්‍රීඩකයින් වන ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු යන දෙදෙනාම අයත් බව සඳහන්. එසේම ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක ද ආබාධයකට ලක්ව සිටීම නිසා එම ස්ථානයට ළහිරු උදාර ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර රමේෂ් මෙන්ඩිස් බැක්ටීරියා ආසාදනයකට ගොදුරුවී ඇති බැවින් ඔහුට ද දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වනු ඇති බව පැවසේ.

එමෙන්ම කසුන් රාජිත මෙම තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බැවින් ඉසිත් විජේසුන්දරට ටෙස්ට් වරම් හිමිවනු ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශේෂඥ දගපන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව සඳහන්. 

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට