ලංකාවේ බදු සල්ලිවලින් වැඩිම හරියක් වියදම් කරන්නේ ගොවියෝ වෙනුවෙන්" - අමාත්‍ය ලාල්කාන්තගෙන් විශේෂ හෙළිදරව්වක්

Report

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසන්නේ, මෙරට බදු මුදල්වලින් වැඩිම ප්‍රමාණයක් ගොවි ජනතාව වෙනුවෙන් වියදම් කරන බවයි.

ඔහු මේ බව සඳහන් කළේ “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනට සමගාමීව මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සහ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීමේ ආරම්භක අවස්ථාවට එක්වෙමින්ය.

අමාත්‍යවරයා අවධාරණය කළේ, ගොවි ජනතාව වෙනුවෙන් මේ වනවිට කෝටි ගණනක් මුදල් වියදම් කර ඇති බවත්, මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණද ගොවීන්ගේ යහපත සඳහා යොදාගන්නා බවත්ය. රටට ආහාර සැපයීමේදී ගොවියා පමණක් නොව තේ කර්මාන්තයේ නිරත කුඩා තේ වතු හිමියන් සහ ගම්මිරිස් වැනි කෘෂි නිෂ්පාදන සමඟ සම්බන්ධ සියලු පාර්ශව ද ඉතා වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙරට සහල් සඳහා විදේශ වෙළෙඳපොළේ ඉල්ලුමක් නොමැති බැවින්, වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කළ අවස්ථාවේදී වී තොග සියල්ලම ලබාදෙන ලෙසත්, මිල ඉහළ යනු ඇතැයි බලා සිට නිවෙස්වල ගබඩා නොකරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. වී මිල උච්චාවචනය වීම ගැටලුවක් බවත්, එය ස්ථාවර කිරීමට රජය උත්සාහ කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අපයෝජනයට හා සූරාකෑමට ලක්වූ ළමුන් 46,000 ක් පමණ තවමත් යුක්තිය බලාපොරොත්තුවෙන් සජිත්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

අපයෝජනයට හා සූරාකෑමට ලක්වූ ළමුන් 46,000 ක් පමණ තවමත් යුක්තිය බලාපොරොත්තුවෙන් සජිත්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

“වී මිල ඉහළ පහළ යාම ගැටලුවක්. අපි උත්සාහ කරන්නේ එය ස්ථාවරව පවත්වාගෙන යන්න. පිරිවැය ඉහළ යන විට මිලත් ඒ අනුව සකස් විය යුතුයි. අපි ඒ තත්ත්වය පාලනය කරමින් ගොවීන්ට සහන ලබාදීමට කටයුතු කරනවා,” යැයි ඔහු කියා සිටියේය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ලෝකයේ යුධ තත්ත්ව තිබුණද රටේ කර්මාන්ත බිඳ වැටීමට ඉඩ නොදීමට රජය කටයුතු කළ බවත්, ඉන්ධන හා පොහොර සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන ගිය බවත්ය.

පෞද්ගලික පොහොර සමාගම් රජයට සහාය දක්වමින් තම ගබඩාවල තිබූ පොහොර රජයට ලබාදීම හරහා ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් ගොවීන්ට බෙදා හැරීමට හැකිවූ බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම පොහොර මිල ඉදිරියේදී අඩුවනු ඇතැයිද, ගොවි ජනතාව පොදු ජනතාවගේ යහපත ගැන වැඩි අවධානයක් යොමු කරනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්තිය යටතේ “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනට සමගාමීව මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය සහ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීම ඊයේ (02) අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 83.20ක් වන අතර, එය කෘෂිකාර්මික ජල කළමනාකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට හෙට සිදුවන පැය 12ක ජල කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක්

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට හෙට සිදුවන පැය 12ක ජල කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක්