ආයේ මෙහෙම පාරේ යන්න බෑ - පදිකයන්ට විරුද්ධව ඉදිරියේදී දැඩි වෙන නීතිය

Report

පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා විසින් හෙඩ්ෆෝන් හෝ ඉයර්ෆෝන් පැළඳ සංගීතයට සවන්දෙමින් මාර්ගවල ගමන් කරන පදිකයන්ට විරුද්ධව ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

මෙම මාධ්‍ය සාකච්ඡාව ජූලි 06 වැනිදා සිට 10 වැනි දින දක්වා ක්‍රියාත්මක වන 11 වැනි ජාතික අනතුරු වැළැක්වීමේ සතිය නිමිත්තෙන් පැවැත් වුණා.

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ මේ වනවිට එවැනි පදිකයන්ට අවවාද කිරීම් පමණක් සිදු කළද, ඉදිරියේදී ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර මෙසේ හෙඩ්ෆෝන් පැළඳ අවධානයෙන් තොරව මාර්ගවල ගමන් කිරීම නිසා පදිකයන් අනතුරුවලට ලක්වීමේ ප්‍රවණතාවක් පවතින බවටද හඳුනාගෙන ඇති බව සඳහන්.

ඊමේල් මගින් මහා පරිමාණ වංචාවක් - ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

ඊමේල් මගින් මහා පරිමාණ වංචාවක් - ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට