යෝෂිත රාජපක්ෂගේ නාවික හමුදා ඩීල් එකෙන් හිටපු නාවික හමුදාපති කොටුවුණු හැටි

Report

2006 වසරේ යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද (03) අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නිවේදනයකට අනුව, යෝෂිත රාජපක්ෂ මහතා එම තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබියදී කැඩෙට් විධායක නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සම්බන්ධයෙන් කරන්නාගොඩ මහතාට චෝදනා එල්ල වී ඇත.

තවද, නියමිත බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිවලින් බැහැරව රජයේ වියදමින් එක්සත් රාජධානියේ රාජකීය නාවික ඇකඩමියේ පුහුණු වැඩසටහනකට සහභාගී වීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතාට පහසුකම් සලසා දී ඇති බවටද කොමිසම චෝදනා කරයි.

එම චෝදනා දූෂණ වරදක් යටතේ විමර්ශනය කෙරෙන බව සඳහන් කළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, පෙරවරු 10.05ට පමණ කොමිසමේ පරිශ්‍රයේදී කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගත් බවත්, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ප්‍රකාශ කළේය. 

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් අත්අඩංගුවට

මීට සුළු මොහොතකට පෙර උණුසුම මැද රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහගේ නඩුවට නියෝගයක් - නැවත පස්වරු 2ට කැඳවයි

මීට සුළු මොහොතකට පෙර උණුසුම මැද රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහගේ නඩුවට නියෝගයක් - නැවත පස්වරු 2ට කැඳවයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි