අර්බුද රැසක් මැද කැරිබියන්වරුන්ට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.
ඒ අනුව නිශාන් මධුෂංක, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, සොනාල් දිනුෂ, මිලාන් රත්නායක, ඉසිත විජේසුන්දර, ප්‍රභාත් ජයසූරිය සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
මෙම තරගය හරහා ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම් හිමිවීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් පස්දෙනෙකු ආබාධ සහ අසනීප තත්ත්වයන්ට මුහුණ දී සිටින පසුබිමක මෙම කණ්ඩායම නම් කර ඇත.
ආබාධයකට ලක්ව සිටින ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වෙනුවට ළහිරු උදාර කණ්ඩායමට කැඳවා තිබේ.
එමෙන්ම රමේෂ් මෙන්ඩිස් බැක්ටීරියා ආසාදනයකට ලක්ව සිටින අතර, වේගපන්දු යවන්නන් වන ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු ද මේ වනවිට ආබාධවලට ලක්ව සිටිති.
අද පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයටත් කළින්ම ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අර්බුදයක - රසිකයින් කනස්සල්ලෙන්