"ලංකා ඉතිහාසයේ පළමුවරට රුපියල් සහ ඩොලර් පෙට්ටි පිරෙනවා" - නියෝජ්‍ය ඇමති එරංග කියයි

Report

වත්මන් ආණ්ඩුව රජයේ මුදල් මැණිකක් රකින නාගයෙකු මෙන් ආරක්ෂා කරමින් සිටින බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

ඒ අනුව ලංකා ඉතිහාසයේ පළමුවරට රජයේ “රුපියල් පෙට්ටිය” සහ “ඩොලර් පෙට්ටිය” පිරෙන්නට පටන්ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

“ලංකාවේ පළවෙනි පාරට රුපියල් පෙට්ටියයි ඩොලර් පෙට්ටියයි පිරෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක පිරෙන්න පටන් අරගෙන තියෙන්නෙ අමුතු මැජික් එකක් කරලා නෙවෙයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

ඔබේ ආණ්ඩුව මැදිහත් වෙලා තියෙන්නේ ජනතාවගෙන් ලැබෙන බදු මුදලුත්, ඩොලර්වලින් ලැබෙන මුදලුත් නායෙක් මැණිකක් රකිනවා වගේ ආරක්ෂා කරන්නයි.

වෙනදාත් ඔය පෙට්ටි දෙක තිබුණා. හැබැයි යට ලොකු හිල් දෙකක් තිබුණා. යටින් හොරෙන් ඇදලා ඒගොල්ලන්ගේ ගිණුම්වලට සල්ලි දාගත්තා. අවුරුද්දයි ගියේ. පෙට්ටි දෙකේම හිල් දෙක වහලා දාලා තියෙන්නේ සදාකල්ම,” යනුවෙන් ඔහු පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළේ නුවරඑළිය, කොටගල ප්‍රදේශයේ පැවති සමාජවාදී තරුණ සංගමයේ සමුළුවක් අමතමිනි.  

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්