පීඩන අවපාතයේ බලපෑමෙන් ලංකාවට වැසි සහ සුළං තත්ත්වයක්- පළාත් 4කට සහ දිස්ත්‍රික්ක දෙකකට මි.මී. 100 පැන්නූ මහ වැසි
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේ ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරයන් හරහා ගමන් කිරීමට නියමිතය.
මෙයින් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, ඊට ඇදී යන සුළං ධාරා හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි පතිත විය හැක.
සුළු වැසි: උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු-මැද සහ වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලට පැ.කි.මී. 40-50 දක්වා වන තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ