සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට
පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට මධ්‍යම පළාත සමත්ව ඇත.
එම ප්‍රතිඵල ඉහළ දැමීම සඳහා දායක වූවන් ඇගයීමේ උත්සවයක් මහනුවරදී පැවැත්විණි.
උත්සවය පැවැත්වුණේ පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්ය.
2025 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව සියයට 85.9 ක සමත් ප්‍රතිශතයක් මහනුවර අධ්‍යාපන කලාපය හිමිකර ගෙන තිබුණේ දිවයිනේ අධ්‍යාපන කලාප 99 අභිබවමින්ය.
2024 , 2025 වර්ෂවලදී ද මහනුවර අධ්‍යාපන කලාපයයි දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත. විදුහල්පතිවරුන් , නියෝජ්‍ය අධ්යක්ෂවරුන් ඇතුළු ගුරු උපදේශකවරුන් ද මෙහිදී ඇගයීම ලක් වූ අතර කලාප අධ්‍යාපන අධ්යක්ෂ සී.අයි අන්දරගේ මහත්මිය ඇතුළු පිරිසක් ඊට එක්ව ඇත.