රටටම සුබ ආරංචියක් - විදුලි බිලට සහන - රු මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක පරිපූරක ඇස්තමේන්තුවට අනුමැතිය
විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීමට රුපියල් මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක් ලබාදීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව අද (23) දින පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත වී ඇත.
2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මඟින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.
එබැවින් මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මඟින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන ලෙස සිදු කරයි.
මෙම පරිපූරක ඇස්තමේන්තුවට ඊයේ (22) දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විවාදයට ගැනීමෙන් පසුව ඊට අදාළ කාරක සභාවේ අනුමැතිය හිමි ව ඇති බව වාර්තා වේ.
එසේම අද විවාදයට ගනු ලැබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ද සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇති බව සඳහන්.
