ඔක්තෝබර් පළවෙනිදා ඉඳන් මේ සේවාවට කඩදාසි නෑ - රාජ්‍ය සේවයේ වැදගත් සන්ධිස්ථානයක්

Report

ශ්‍රී ලංකා රේගුව මඟින් සිය ප්‍රථම කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය ඔක්තෝබර් පළවෙනි දින කොළඹ ශ්‍රී ලංකා රේගු ශ්‍රවණාගාරයේදී නිල ලෙස දියත් කිරීමට නියමිතව බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව එය රේගු ක්‍රියාපටිපාටි ඩිජිටල්කරණය කිරීමේ සහ වෙළෙඳ ප්‍රජාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

මෙම නව පද්ධතිය මඟින් රේගු ප්‍රකාශන සහ ඒවාට අදාළ උපකාරක ලේඛන විද්‍යුත් ක්‍රමවේද හරහා ඉදිරිපත් කිරීමට හා සැකසීමට හැකිවන අතර එමඟින් භෞතික ලේඛන, අතින් සිදු කරන ලේඛන කටයුතු සහ කඩදාසි ලිපි ගොනු පරිහරණය මත පවතින රඳා පැවැත්ම අවම වේ.

අද රත්තරන් ගන්න පෝලිම් පනින තරමට අඩු වුණ රන් මිල - කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙයි

අද රත්තරන් ගන්න පෝලිම් පනින තරමට අඩු වුණ රන් මිල - කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙයි

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව පවසා සිටින්නේ අඳාළ වැඩපිළිවෙළ මඟින් වේගවත් සැකසුම් ක්‍රියාවලියක්, විනිවිදභාවයක් ලේඛන පහසුවෙන් සොයා ගැනීමේ සහ පසු විපරම් කිරීමේ හැකියාවක් මෙන් ම පරිපාලන ප්‍රමාදයන් අවම කිරීම ඇතුළු ප්‍රායෝගික ප්‍රතිලාභ රැසක් අත්කර දීමට අපේක්ෂා කරන බවයි.

එසේම වඩාත් ඵලදායී අවදානම් මත පදනම් වූ රේගු පාලනය රජයේ ආදායම් ආරක්ෂා කිරීම නියාමන අනුකූලතා සහ වෙළඳ පහසුකරණය සඳහා ද මෙම පද්ධතිය සහය වනු ඇති බව එම ආයතනය සඳහන් කරයි.

ඊට අමතරව වඩාත් පරිසර හිතකාමී හා තිරසර කාර්ය පරිසරයක් ඇති කිරීමටත් රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරනය කිරීමේ පුළුල් ක්‍රියාවලියට දායක වීමටත් මෙය ඉවහල් වනු ඇති බව වාර්තා වේ.

පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස්

පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස්

රටටම සුබ ආරංචියක් - විදුලි බිලට සහන - රු මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක පරිපූරක ඇස්තමේන්තුවට අනුමැතිය

රටටම සුබ ආරංචියක් - විදුලි බිලට සහන - රු මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක පරිපූරක ඇස්තමේන්තුවට අනුමැතිය