ශ්රී ලංකා ක්රීඩා ඉතිහාසය රන් අකුරින් ලියූ හෙල්ලේ ශූරයා - ලෝක මලල ක්රීඩා ' Ultimate' ශූරතාවලියේ රන් කිරුළ දිනයි
By Kaushi
ලොව විශිෂ්ටතම මලල ක්රීඩක ක්රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැත්වෙන ලෝක මලල ක්රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වී තිබෙනවා.
ඒ මීටර් 91.09ක දුරක් වාර්තා කිරීමත් සමඟයි.
ඒ අනුව මෙම ජයග්රහණයත් සමඟ ඔහු ලෝක මලල ක්රීඩා පිටියේ තවත් සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සමත් විය.
එමෙන්ම ඔහුගේ මෙම දක්ෂතාවය ශ්රී ලංකා ක්රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු තවත් අපූරු ජයග්රහණයක් වශයෙන් සනිටුහන් වේ.