ලක්ෂ 02ක වැටුපකට රුමේනියා යන අයට වෙන දේ..වැඩි විස්තර මෙතනින් දැන ගන්න.

Sri Lanka Police Bandaranaike International Airport Sri Lanka Prisons in Sri Lanka
By Aruna May 17, 2023 02:12 AM GMT
Aruna

Aruna

Report

විදේශ රැකියා සඳහා යවන බව පවසා මුදල් වංචා කළ බව කියන පිරිසට අයත් මුන්දලම ප්‍රදේශයේ කාන්තාවක් පෙරේදා (15) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව අදාළ කාන්තාව විදේශගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇය හඳුනාගෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත භාරදී ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසිනි.

රුමේනියාවේ රැකියාවක් ලබාදෙන බව පවසමින් කුරුණෑගල ප්‍රදේශයේ විදේශ නියෝජිතායතනයක සේවය කර ලක්ෂ 1කට අධික මුදලක් ලබාගෙන අත්අඩංගුවට ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව කාර්යාංශයට පැමිණිලි 48කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව සහ තවත් දෙදෙනෙකු රුමේනියාවේ හෝටලයක මාසික වැටුපට ලක්ෂ 2ක රැකියාවක් ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා ඇත.

සැකකරු මීට මාස කිහිපයකට පෙර මැලේසියාවට ගොස් ඇති අතර, ඔහු ඊයේ යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව සැකකාර කාන්තාව එදින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ,සැකකරු රුපියල් ලක්ෂ 3ක ශරීර ඇප දෙකක් සහ රුපියල් 10,000ක මුදල් ඇප දෙකක් මත මුදාහැරීමටත්, නඩුව සැප්තැම්බර් 6 වැනිදා විභාගයට ගැනීමටත් විනිසුරුවරයා නියෝග කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now