ජනපති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද

By Sewvandhi Jul 18, 2021 01:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6ට කොටුව ජනාධිපති මන්දිරය දී රැස්වීම ආරම්භ වේ.

මෙහිදී උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

විශේෂයෙන් විශ්වාසභංග යෝජනාවට පක්ෂව අදහස් පළකළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම ද මෙහිදී සිදුකෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පසුගියදා කථානායකවරයා වෙත භාර දෙනු ලැබීය.

ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව හෙට (19) සහ අනිද්දා (20) යන දිනවල දී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha