වසර 7 කට පසුව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ඇහෙන සුබ ආරංචිය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයීය මඟපෙන්වීම යටතේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට නව රබර් සංවර්ධන නිලධාරීන් 41 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු යොදා ඇත .
ඒ ලංකාවේ රබර් වගා ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණිනි
මෙම නවක නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම එළඹෙන අද (18) වන දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි සිදු කිරීමට නියමිතව පවතී.