Covid රෝගීන් සොයන්න මෙරටින් සෑදූ යන්ත්‍රයේ නිරවවද්‍යතාව හෙළි වෙයි

covid19 Peradheniya university RT-LAMP Ruchika Fernandoo
By Sewvandhi Sep 11, 2021 07:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා නිර්මාණය කළ විශේෂිත පරීක්ෂණ කට්ටලය වන RT LAMP (Reverse Transcription Loop Mediated Isothermal Amplification) පී. සී. ආර්. පරීක්ෂණ ප්‍රතිඵලවලට සාපේක්ෂව 96%ක නිරවද්‍යතාවක් පෙන්නුම් කරන බව සායනික පරීක්ෂණ මඟින් තහවුරුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු භිෂක්වේදය සහ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි ආචාර්ය රුචික ප්‍රනාන්දු මහතා පවසයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ කොවිඩ් වයිරසය ආසාදිත නොවුණු පුද්ගලයකු ආසාදිතයකු බවට කිසිදු අවස්ථාවක වැරැදි ප්‍රතිඵල නිකුත් නොවීම යැයිද ඒ මහතා කීය.

වයිරසය ශරීරගතව තිබී යම් කාල සීමාවක් ගත වූ පසු වෙනත් අයකුට වයිරසය නිකුත් කිරීමට හැකියාවක් නැති පුද්ගලයකු ආසාදිතයකු ලෙස පෙන්නුම් නොකිරීමද නව නිර්මාණයේ විශේෂත්වයක් යැයි හෙතෙම පැවසුවේය.

පී. සී. ආර්. පරීක්ෂණ සඳහා යොදා ගන්නා යන්ත්‍රයක් ආනයනයට කිරීමට රුපියල් මිලියන 6ක පමණ මුදලක් වැය වන නමුත් RT LAMP නව පරීක්ෂණ යන්ත්‍රය සඳහා අවශ්‍ය වන්නේ රුපියල් 40,000ක් පමණි.

මෙය උෂ්ණත්වය නියතව පවත්වාගෙන යා හැකි උපකරණයක් බවත් කී ඒ මහතා මේ නිසා අඩු පහසුකම් ඇති රෝහල්වලදී පවා අදාළ පරීක්ෂණ කිරීමේ හැකියාව තිබෙන බවද අවධාරණය කළේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now