ඩීසල් ලීටරයකට රු. 800ක්? පෙට්‍රල් මිලත් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්

Report

බ්‍රිතාන්‍යයේ ඩීසල් මිල ඉතිහාසයේ පළමු වරට වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව එරට RAC මෝටර් රථ සංගමය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, බ්‍රිතාන්‍යයේ ඩීසල් ලීටරයක සාමාන්‍ය මිල පළමු වරට ස්ටර්ලින් පවුම් 2ක සීමාවට ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මුදල දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 800කට ආසන්න වනවා.

ඉන්ධන මිල මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යාම බ්‍රිතාන්‍ය ජනතාව මේ වන විට මුහුණ දී සිටින ජීවන වියදම් අර්බුදයට ද දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 28ක ලාභයක් - මෙන්න විස්තරේ

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 28ක ලාභයක් - මෙන්න විස්තරේ

මේ හේතුවෙන් සාමාන්‍ය පවුලක් භාවිත කරන මෝටර් රථයක ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් පිරවීම සඳහා මෝටර් රථ හිමියන්ට මේ වන විට පෙරට වඩා ඉහළ පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා.

මේ අතර, බ්‍රිතාන්‍යයේ මෝටර් රථ සංගම් එරට රජයෙන් ඉල්ලා සිටින්නේ ඩීසල් පමණක් නොව පෙට්‍රල් මිලද පසුගිය කාලය පුරා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින්, ඉන්ධන මිල ඉහළ යාමෙන් පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.

“රැවටුණේ නෙවෙයි, රැවැට්ටුවා.. මූණ දිහා බලාගෙන බොරු කිව්වා.. කාන්තාවගේ දුක වේදනාව විකුණන් කෑවා" - මරික්කාර්ගෙන් සියල්ල වමාරයි

“රැවටුණේ නෙවෙයි, රැවැට්ටුවා.. මූණ දිහා බලාගෙන බොරු කිව්වා.. කාන්තාවගේ දුක වේදනාව විකුණන් කෑවා" - මරික්කාර්ගෙන් සියල්ල වමාරයි

අද ලග්න 12ටම මොකද වෙන්නේ? ඔක්තෝබර් 04 ලග්න පලාපල මෙන්න

අද ලග්න 12ටම මොකද වෙන්නේ? ඔක්තෝබර් 04 ලග්න පලාපල මෙන්න