නිලධාරීන්ගෙන් රු. 5,000 – අනුරට නොමිලේ

Report

විශ්‍රාම ගිය මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී උත්සවයක් පැවැත්වේ.

මෙම උත්සවය සඳහා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් රුපියල් 5000 බැගින් එකතු කර ඇති බව එම අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි.

ඊශ්‍රායලයේ ඉරාන ප්‍රහාරය ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි

ඊශ්‍රායලයේ ඉරාන ප්‍රහාරය ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි

රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ සිට මේ දක්වා මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය, රටේ බොහෝ පාර්ශ්වවල ඇගයීමට ලක්ව ඇත. මහින්ද සිරිවර්ධන මහතාගේ ධුර කාලය තුළ ඉටු කළ සේවය අගයමින්, ජනාධිපතිවරයා අතින් මෙම උත්සවයේදී සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරේ.

එහෙත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සඳහා අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් රුපියල් 5000 වැනි ඉහළ මුදලක් එකතු කිරීම පිළිබඳව ඇතැම් නිලධාරීන්ගේ විරෝධය පළ වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මම ගැන තාම ඉරානය දන්නේ නැහැ - ට්‍රම්ප්ගෙන් දැඩි ප්‍රකාශයක්

මම ගැන තාම ඉරානය දන්නේ නැහැ - ට්‍රම්ප්ගෙන් දැඩි ප්‍රකාශයක්

රට වෙනුවෙන් අතිවිශිෂ්ට සේවයක් ඉටුකළ නිලධාරියෙකුගේ විශ්‍රාම යෑමේ අවස්ථාවේදී, ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට මීට වඩා උත්කර්ෂවත් උත්සවයක් සංවිධානය කිරීමට හැකියාව තිබූ බවත්, එසේ නොකර අමාත්‍යංශ නිලධාරීන්ගෙන් මුදල් එකතු කර මෙවැනි උත්සවයක් පැවැත්වීම නිලධාරීන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බවත් පැවසේ.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න