මිනිස් ඝාතන 48ක මහා මොළකරු 'කරන්දෙණියේ රාජු' ගේ පැටිකිරි ටික මෙන්න

Report

ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු පෙරේදා (18) මෙරටට රැගෙන ආ දරුණු ගණයේ අපරාධකරුවෙකු වන “කරන්දෙණියේ රාජු” දකුණු පළාතේ සිදුවූ මිනිස් ඝාතන 48කට අධික සංඛ්‍යාවක් ඇතුළු බරපතළ අපරාධ රැසකට සම්බන්ධ බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම සැකකරු “කරන්දෙණියේ සුද්දා” නමැති ප්‍රසිද්ධ පාතාල නායකයාගේ සොහොයුරා බවද වාර්තා වේ.

රාජු ඩුබායි සිට ග්‍රීසියට පලා යාම සඳහා වීසා ලබා ගැනීමට ඉන්දියාවට පැමිණි අවස්ථාවේදී එරට ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට පත්ව තිබේ.

මුළු රටක් හඬවන දැදුරු ඔයේ ඛේදවාචකය - එකම පවුලේ හත් දෙනෙකු ඇතුළු ජීවිත 8ක් දැදුරු ඔය පතුලේ සැඟව ගිය හැටි

මුළු රටක් හඬවන දැදුරු ඔයේ ඛේදවාචකය - එකම පවුලේ හත් දෙනෙකු ඇතුළු ජීවිත 8ක් දැදුරු ඔය පතුලේ සැඟව ගිය හැටි

පොලිස් විමර්ශන අනුව, අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම, කරන්දෙණියේ “හිත හොඳ දොස්තර” ඝාතනය, පොලිස් පරීක්ෂකයෙකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ඝාතනය කිරීම ඇතුළු බොහෝ අපරාධ මෙහෙයවා ඇත්තේ ඔහු විසින් බව අනාවරණය වී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්, කුලී ඝාතන සඳහා ආයුධ සැපයීම, ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබාගැනීම ඇතුළු සංවිධානාත්මක අපරාධ රැසකටද ඔහු සම්බන්ධ බව පොලිසිය පවසයි.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකින් පසුව ඔහුගේ ඉන්දියාවට ගමන් කිරීම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර, ඒ අනුව ඉන්දීය පොලිසිය සමඟ එක්ව ගුවන් තොටුපළේදීම ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

අනුර දිසානායක කෝටිපතියෙක්ද? රාජිත සේනාරත්න කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න

අනුර දිසානායක කෝටිපතියෙක්ද? රාජිත සේනාරත්න කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉන්දියාවට ගොස් ඔහුව මෙරටට රැගෙන ආ බවද වාර්තා වේ.

මේ වනවිට සැකකරු මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර, දින 90ක රැඳවුම් නියෝගයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර ඇත.

රාජුට එරෙහිව දකුණු පළාත පුරා සිදුවූ බොහෝ ඝාතන, කප්පම් ගැනීම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ චෝදනා රැසක් පවතින බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

 

රන් මිල පහළට - නව මිල මෙන්න

රන් මිල පහළට - නව මිල මෙන්න