පාසල් සිසුන්ට වෙනුවෙන් රජයෙන් රුපියල් මිලියන 33,600 ක් වෙන් කරයි - හේතුව මෙන්න
පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර සඳහා රුපියල් මිලියන 33,600 ක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසූ බව සඳහන්.
ඇය මේ බව කියා ඇත්තේ ඊයේ(02) දින ජාතික පාසල් පෝෂණ සමුළුව 2026 ට කොළඹ දී එක්වෙමින්.
එසේම අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ මේ වනවිට පාසල් 8,990 ක සිසුන් මිලියන 1.5 කට අධික පිරිසක් මෙම වැඩසටහනෙන් ප්රතිලාභ ලබන බවයි.
තවද ඇය කියා සිටියේ පාසල් පෝෂණ වැඩසටහන හුදෙක් දරුවන්ගේ කුසගින්න නිවීමේ වැඩසටහනක් නොව, රටේ සෞඛ්‍යය සහ දේශීය ආර්ථිකය නඟාසිටුවන පුළුල් වැඩපිළිවෙළක් බවට පත් කිරීම රජයේ අරමුණ බවයි.