හෙට සහ අනිද්දා දැවැන්ත පාපැදි සවාරියක් - හෙට 7.30ට ඇරඹෙයි

Report

2026 ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන පාපැදි සවාරිය හෙට (04) දින දඹුල්ලෙන් ආරම්භ කර අනිද්දා (05) (ජනාවාස දින) අරලියගහ මන්දිරය අසලදී අවසන් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එහි සමාප්ති අවස්ථාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන බව සඳහන්.

එබැවින් එහි ආරම්භක අවස්ථාව හෙට (04) දඹුල්ල නගරයෙන් පෙ.ව. 7.30ට ආරම්භ කර ගලේවෙල, මැල්සිරිපුර, කුරුණෑගල, පොල්ගහවෙල, අලව්ව, අඹේපුස්ස, වරකාපොල හරහා නිට්ටඹුව නගරයෙන් තරඟය අවසන් කිරීමට නියමිතයි.

කුකුළු මස් හා බිත්තර ගැන නරක ආරංචියක් - මිල ඉහළ යෑමේ අවදානමක්

කුකුළු මස් හා බිත්තර ගැන නරක ආරංචියක් - මිල ඉහළ යෑමේ අවදානමක්

එමෙන්ම මේ සඳහා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා හා දඹුල්ල නගර සභාවේ නගරාධිපතිතුමා මෙන්ම රාජ්‍ය නිලධාරීන් සහභාගී වීමට නියමිතව ඇත.

එම සවාරියේ දෙවන අදියර 2026.10.05 වන දින පෙ.ව. 6.30ට නිට්ටඹුව නගරයෙන් ආරම්භව යක්කල, මිරිස්වත්ත, කඩවත, කිරිබත්ගොඩ, පෑලියගොඩ, ගාමිණී හෝල්, ලේක් හවුස් වටරවුම, ජනාධිපති ලේකම් කාර්යාලය හරහා අරලියගහ මන්දිරය අසලින් අවසන් කිරීමට නියමිතව ඇති අතර එම අවස්ථාව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

එසේම මෙම සවාරිය සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රමුඛ පාපැදි ධාවකයින් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ප්‍රමුඛ ධාවකයින් සහභාගී වීමට නියමිතව ඇත.

අනිද්දයින් පස්සේ ඉන්ධන බෙදීම නවතී ද? මිල සූත්‍රය අධ්‍යයනය කර දැනුම් දෙන්න තෙල් බෙදුම්කරුවන් අනිද්දා තෙක් කල් ගනියි

අනිද්දයින් පස්සේ ඉන්ධන බෙදීම නවතී ද? මිල සූත්‍රය අධ්‍යයනය කර දැනුම් දෙන්න තෙල් බෙදුම්කරුවන් අනිද්දා තෙක් කල් ගනියි

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා