ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - පැය 24ක් වලංගුයි

Report

දිවයිනේ පළාත් කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (03) නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනය රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හෙට සහ අනිද්දා දැවැන්ත පාපැදි සවාරියක් - හෙට 7.30ට ඇරඹෙයි

හෙට සහ අනිද්දා දැවැන්ත පාපැදි සවාරියක් - හෙට 7.30ට ඇරඹෙයි

ඒ අනුව වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ උතුරු මැද යන පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 28ක ලාභයක් - මෙන්න විස්තරේ

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 28ක ලාභයක් - මෙන්න විස්තරේ