වට්ස්ඇප් හරහා හෙරොයින් ජාවාරම් කළ ප්‍රධානියා ඇතුළු 14ක් අත්අඩංගුවට
By Mithu
හිඟුරක්ගොඩ මූලස්ථාන පොලීසිය සහ ගුවන් හමුදා නිලධාරීන් එක්ව ඊයේ (02) සිදුකළ ඒකාබද්ධ හදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 600ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයන් 13 දෙනෙකු සිටින අතර, ඔවුන් මින්නේරිය, හිඟුරක්ගොඩ සහ මැදිරිගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
හිඟුරක්ගොඩ, 'හය කණුව' ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයන් හඳුනාගනිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බව විමර්ශනවලදී තහවුරු වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (03) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.