අනුරාධපුරයේදී අලියාට මන්තර මතුරන්න ගිය තරුණයන්ට වුණු දේ - උරණ වූ වන අලියා එලවාගෙන එන බිහිසුණු වීඩියෝවක් එළියට

By Kanchana Oct 03, 2026 06:19 AM GMT
Report

අනුරාධපුර ප්‍රදේශයේ තරුණයින් පිරිසක් වන අලියෙකුට අතිශය සමීප වී ‘අලි මන්තර’ පවසමින් එම සත්වයා පලවා හැරීමට උත්සාහ කරන අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇත.

  එම අවස්ථාවේදී උරණ වූ වන අලියා තරුණ පිරිස පසුපස හඹා එන ආකාරයද වීඩියෝ දර්ශනවල සදහන් වේ අස්වනු නෙළීමෙන් පසු ඉතිරි වන පිදුරු ආහාරයට ගැනීම සඳහා වන අලීන් ඉපනැලි වෙත පැමිණෙන අවස්ථාවක මෙම පිරිස මෙලෙස අවදානම් සහගත ක්‍රියාවක නිරත වී ඇති බව වාර්තා වේ.

වන සතුන් සමඟ මෙවැනි ආකාරයෙන් හැසිරීම ජීවිතයට පවා බරපතළ තර්ජනයක් විය හැකි බව මෙම සිදුවීමෙන් අපට පැහැදිළිය.

වනජීවී නිලධාරීන් නිරන්තරයෙන් අවධාරණය කරන්නේ වන අලීන්ට සමීප වීම, ඔවුන් උසිගැන්වීම හෝ ඔවුන්ගේ හැසිරීම්වලට මැදිහත් වීමෙන් වළකින ලෙසයි.

මෙවැනි ක්‍රියා හේතුවෙන් අනපේක්ෂිත ලෙස බරපතළ අනතුරු සිදුවිය හැකි බැවින් වන සතුන්ගෙන් ආරක්ෂිත දුරක් පවත්වා ගැනීම වැදගත් ය

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා