මරණ දඬුවම අසාර්ථක වූ ක්‍රිස්ටා පයික් දැඩි සත්කාර ඒකකයේ - මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව තහනම්
එක්සත් ජනපදයේ ටෙනසි ප්‍රාන්තයේ මරණ දඬුවම නියම වී සිටි ක්‍රිස්ටා පයික් නමැති 50 හැවිරිදි කාන්තාවට මාරාන්තික ඖෂධ ලබාදී දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු, ඇය මේ වන විට සිහිසුන්ව ශ්වසන යන්ත්‍රයක සහාය ලබමින් පසුවන බව වාර්තා කරයි.
මාරාන්තික ඖෂධ මාත්‍රා දෙකක් ලබා දී තිබියදීත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම නිසා ඇයව නැෂ්විල් හි රෝහලකට ඇතුළත් කර ඇත.
මේ වන විට වෛද්‍යවරුන් ඇගේ ශරීරයෙන් අදාළ ඖෂධ ඉවත් කරමින් ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වන බව අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනවල සඳහන් වේ.
1995 වසරේදී කොලීන් ස්ලෙමර් නමැති 19 හැවිරිදි තරුණිය ඝාතනය කිරීමේ වරදට 1996 දී ඇයට මරණ දඬුවම නියම විය.
මෙම අසාර්ථක වීමත් සමඟ ටෙනසි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයකට නියෝග කර ඇති අතර, මෙවසරේ ඉතිරි කාලය සඳහා ප්‍රාන්තය තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ද තාවකාලිකව අත්හිටුවා තිබේ.