පළාත් 7කට සහ මන්නාරමට දැඩි අකුණු පිළිබඳ 'ඇම්බර්' අවවාදයක් - කාලගුණ දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

Report

වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ දකුණු පළාත් මෙන්ම උතුරු මැද පළාත සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා දැඩි අකුණු පිළිබඳ ‘ඇම්බර්’ (Amber) අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද පෙරවරු 11.30ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වේ. අදාළ ප්‍රදේශවල ස්ථාන කිහිපයක දැඩි අකුණු සහිත ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි.

 අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු සහ හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

හිටපු කොළඹ නගරාධිපතිනි රොසි සේනානායකගේ වැඩිමහල් පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු කොළඹ නගරාධිපතිනි රොසි සේනානායකගේ වැඩිමහල් පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි

මේ පළාත්වලට අද 1න් පසු ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් - අවශ්‍ය පියවර ගැනීමට උපදෙස්

මේ පළාත්වලට අද 1න් පසු ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් - අවශ්‍ය පියවර ගැනීමට උපදෙස්

Gallery