ඇළ මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඇරඹෙයි

Report

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සෘජු මෙහෙයවීමෙන් රුපියල් මිලියන 218ක මුදලක් වැය කරමින් ඇළ මාර්ග 31ක් සහ ඒ ආශ්‍රිත ජල පද්ධති නඩත්තු හා ප්‍රතිසංස්කරණය කිරීමේ විශේෂ වැඩසටහනක් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම වැඩපිළිවෙළ යටතේ කොලොන්නාව, කැලණිය, මට්ටක්කුලිය, මීතොටමුල්ල සහ කොටිකාවත්ත මුල්ලේරියාව යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම ඊයේ සිදු වූ අතර, අදාළ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු 2026 ඔක්තෝබර් මාසයට පෙර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ව්‍යාපෘති නිලධාරීහු ප්‍රකාශ කළහ.

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි සියදිවි නසාගැනීමේ අවදානමක

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි සියදිවි නසාගැනීමේ අවදානමක

නාගරික කලාපවල පවතින ගංවතුර අවදානම අවම කිරීම, වැසි ජලය බැසයාම වේගවත් කිරීම, නාගරික පරිසරය සුරක්ෂිත කිරීම මෙන්ම ගංවතුර තත්ත්වයන් වෙනුවෙන් දිගුකාලීන සහ ස්ථිරසාර විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම මෙම සමස්ත ව්‍යාපෘතිය හරහා බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව සහ අදාළ පළාත් පාලන ආයතන ඒකාබද්ධව මෙම බහුවිධ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යනු ලබයි.

රජය මගින් 8 වෙනි දින සිට 10 වෙනි දින දක්වා විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කරයි - හේතුව මෙන්න

රජය මගින් 8 වෙනි දින සිට 10 වෙනි දින දක්වා විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කරයි - හේතුව මෙන්න