මේ අය වෙනුවෙන් අයවැයෙන් රුපියල් මිලියන 1000ක දැවැන්ත මුදලක් වෙන් කරයි - හේතුව මෙන්න

Report

වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව ගත වූ කෙටි කාලය තුළ ආබාධිත ප්‍රජාව සඳහා සිදු කළ මෙහෙවර අගය කරන බවත්, ඔවුන්ගේ ප්‍රවේශ පහසුකම් නැංවීමට මේ වන විට අයවැයෙන් රුපියල් මිලියන 1000ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බවත් ආබාධ සහිත පුද්ගලයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ රජයේ සේවා සැපයීම වඩාත් කාර්යක්ෂම හා ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ දිස්ත්‍රික් උපදේශන වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්.

එහිදී ආබාධ සහිත පුද්ගලයින් රජයේ සේවාවන් ලබා ගැනීමේදී දෛනිකව මුහුණ දෙන විවිධ බාධක සහ අභියෝග ජය ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය.

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

එසේම ආබාධ සහිත ප්‍රජාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග හඳුනා ගැනීම, එම ගැටලුවලට අදාළ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා ක‍ර ඇත.

දහවන පාර්ලිමේන්තුවේ “ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ පාර්ලිමේන්තු සංසදය” මඟින් ඕස්ට්‍රේලියානු ආධාර අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද මෙම විශේෂ සාකච්ඡාවට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා, සමාජසේවා නිලධාරීන් ඇතුළු ප්‍රදේශයේ ආබාධිත ප්‍රජාව විශාල පිරිසක් එක්ව සිටියා.

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

සුබ ආරංචියක් - මේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට

සුබ ආරංචියක් - මේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට