මහ බැංකු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් රුපියල් බිලියන 110ක දැවැන්ත මුදලක්
ශ්‍රී ලංකා රජය මෙම සතියේ පැවැත්වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි සහ අතිරේක අලෙවිය මඟින් සමස්ත වශයෙන් රුපියල් බිලියන 110ක මුදලක් රැස්කරගෙන තිබේ.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සඳහන් කළේ, වෙන්දේසියෙන් අනතුරුව අතිරේකව නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් මඟින් තවත් රුපියල් බිලියන 10ක් රැස්කරගත් බවයි.
එම අතිරේක අලෙවිය සඳහා වෙළඳපොළෙන් ලැබී තිබූ මුළු ඉල්ලුම රුපියල් මිලියන 46,180ක් බව ද එම කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව මාස 3ක භාණ්ඩාගාර බිල්පත් සියයට 10.21ක සාමාන්‍ය පොලී අනුපාතයකට, මාස 6ක භාණ්ඩාගාර බිල්පත් සියයට 10.30ක සාමාන්‍ය පොලී අනුපාතයකට සහ මාස 12ක භාණ්ඩාගාර බිල්පත් සියයට 10.21ක සාමාන්‍ය පොලී අනුපාතයකට අලෙවි කර තිබේ.
මීට පෙර පසුගිය බදාදා (08) පැවති වෙන්දේසියේදී මාස 3, 6 සහ 12 කාලසීමාවන් යටතේ භාණ්ඩාගාර බිල්පත් අලෙවි කරමින් රුපියල් බිලියන 100ක් රැස්කරගෙන තිබුණි. ඉන් අනතුරුව මාස 6ක සහ මාස 12ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අතිරේක අලෙවියක් (Tap Issue) ද සිදුකර ඇති බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.