අභාවප්‍රාප්ත ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දැක්වීමට ආ ජනපති අනුර
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන හා ගායන ශිල්පි ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණි ඇත. ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ද පැමිණ ඇත.
චිත්‍රපට 25කට අධික සංඛ්‍යාවකට සහ ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වූයේ කලක් රෝගාතුරව සිටි තත්ත්වයේ 64 වන වියෙහිදිය.
කලා ලෝකෙම හඬවා අවසන් හුස්ම හෙළු ඒ මියුරු හඬ සදහටම ලොවෙන් සමුගන්න දවස හෙට - අද සහ හෙට සියලු කටයුතු ගැන දන්වයි
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පි ජේ ඒ මිල්ටන් පෙරේරා මහතාගේ වැඩිමහල් පුත්‍රයා වූ ප්‍රියංකර පෙරේරා සිය පියාගේ ගීත ගායනා කරමින් ජනාදරයට පත් වූ අතර ඔහු ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි ඒකනායක මහත්මියගේ ස්වාමිපුරුෂයායි.
ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී අද සිදුකිරීමට නියමිතව ඇත.