සුබ ආරංචියක් - මේ අයටත් වන්දි - මිලියන 1200ක් වෙන් කරයි

Report

නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීම නිසා ගොවියන්ට සිදුවූ වගා හානි වෙනුවෙන් වන්දි ගෙවීමට අදාළ කටයුතු යොදා ඇති බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය ප්‍රකාශ කරයි.

එබැවින් ඒ වෙනුවෙන් 2026 අයවැය මඟින් රුපියල් මිලියන 1200ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද එම මණ්ඩලය සඳහන් කරයි.

අඳාළ ලවණ බාධකය නිසා ගංවතුර පවතින අවස්ථාවලදී සිය වගා බිම් ජලයෙන් යටවන බවට පසුගුය 2019 වසරේ සිට ගොවි ජනතාව විසින් පැමිණිලි සිදුකර ඇති බවද සඳහන් වේ.

ගොවීන්ට සුබ පණිවිඩයක්

ගොවීන්ට සුබ පණිවිඩයක්

ඒ අනුව වී ගොවීන්ට සිදුවු වගා හානිය සඳහා 2019 වසරේ යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා කන්න 07ක් වෙනුවෙන් රුපියල් මිලියන 1200ක වන්දි මුදලක් ගෙවීමට නියමිත බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත.

අඳාළ වන්දි මුදල් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ගෙවීමට කටයුතු යොදා ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

ආයේ රත්තරන් ගැන හිතන්නවත් බැරි වෙයි - රන්මිල හිතාගන්න බැරි තරම් ඉහළට

ආයේ රත්තරන් ගැන හිතන්නවත් බැරි වෙයි - රන්මිල හිතාගන්න බැරි තරම් ඉහළට