මුහුද කැළඹෙයි - අද උදේ 7 සිට හෙට උදේ 7 වෙනකල් මේවා කරන්න හිතන්නවත් එපා.. වහාම ක්‍රියාත්මක වන්නැයි රතු නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මඟින් නිකුත් කර ඇත.
ඒ අනුව එය අද(16) උදෑසන 7 සිට හෙට(17) උදෑසන 07:00 දක්වා වලංගු බව දන්වා ඇත.
එය බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අඳාළ නිවේදනයේ දැක්වෙන්නේ උතුරු අක්ෂාංශ 05ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙසයි.
එසේම එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දී ඇත.
එමෙන්ම මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
එම සම්පූර්ණ නිවේදනය පහතින්,

